Enhanso - All in One Tools system utility software
පරිගණකය කාලයක් භාවිතා කිරීමේදී එහි වේගය අඩුවීම සාමාන්‍ය දෙයකි. අනවශ්‍ය ෆයිල් පිරීයාම, අනවශ්‍ය වැඩසටහන් ධාවනය වීමවැනි හේතු නිසා මෙසේ පරිගණයක් මන්දගාමී වීම සිදුවේ.
ඒ සදහා භාවිතා කරන්න පුළුවන් හොදම මෘදුකාංගයක් ලෙස Enhanso නම් මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය මගින් පරිගණකය වේගවත් කරනවාට අමතරව පරිගණකයේ ඇති සියලුම දෘඩාංග වල සියලු තොරතුරු ඉතාමත් සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ. මෙමගින් ඔබට පහසුවෙන් පරිගණක පද්ධතියේ තොරතුරු ලබාගන්න පුළුවන්. Processor, Mainboard සහ Memory, SDP, Display Adapter, HDD ආදියෙහි සියලුම තොරතුරු ඉතා පැහැදිලිව දැකගන්න පුළුවන්.
මෙම මෘදුකාංගයේ ඇති පරිගණකය Maintain කිරීමේ tools මගින් පරිගණකයේ ඇති අනවශ්‍ය දෑ පහසුවෙන් ඉවත් කර එය වේගවත් කරගන්න පුළුවන්. මෙහි ඇති Registry cleaner බටන් එක හරහා වින්ඩොස් රෙජිස්ට්‍රියේ සැකසී ඇති අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න පුළුවන්. අවශ්‍යනම් රෙජිස්ට්‍රිය බැකප් කරගැනීමටද හැකියාව තිබේ. Disk cleaner මගින් පරිගණකයේ දෘඩ තැටියේ සැකසුනු තවදුරටත් අවශ්‍ය නැති temporary ෆයිල්ස් ආදී අනවශ්‍ය දේ සොයා ඉවත් කරගැනීමට හැක. Startup Items බටන් එක හරහා මෙහෙයුම් පද්ධතිය Boot වීමේදී ඉබේ ක්‍රියාත්මක වෙන වැඩසටහන් අවශ්‍ය ආකාරයට Enable හෝDisable කරගන්න පුළුවන්. තවද දෘඩ තැටියේ විසිරී ඇති ෆයිල්ස් ආදිය පිළිවෙලට සකස් කරගැනීම සදහා Defrag කරගැනීමටද හැකියාව තිබේ. මීට අමතරව මෙහි ඇති Uninstaller අයිකන් එක මගින් දැනටමත් පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති වැඩසටහන් ආදිය පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්.
පහතින් බලන්න තිරඡායාරූප.
මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.
Technical Details
- Software Name : Enhanso
- File size : 15.2 MB
- Requirements : Windows All
- License : Free
- Publisher website : seriousbit.com
Page Views