iPhone XS, iPhone XS Max, iPhone XR Sinhala Review
ඇපල් සමාගම හදුන්වාදුන් නිල වීඩියෝව බලන්න පහතින්.
සෑම වසරකම ඇපල් සමාගම ස්මාර්ට්ෆෝන් Design හදුන්වා දෙනවා. මෙය 2018 වසරේ හදුන්වාදුන් Design 3 යි. බැලූ බැල්මට මීට පෙර නිකුත්වූ අයිෆෝන් X වලට පෙනුමෙන් සමාන වුවත් performance අතින් වැඩි වර්ධනයක් පෙන්නුම් කරනවා. මෙය හදුන්වාදුන් විශේෂ event එක පැවැත්වුයේ කැලිෆෝනියාවේ ඇපල් මූලස්ථානයේ, Apple Campus ශාලාවේදී.
අයිෆෝන් Xr මාදිලිය වර්ණ කිහිපයකින්ම පැමිණෙනවා.
අයිෆෝන් Xs Max සඳහා ඇත්තේ අඟල් 6.5ක ඩිස්ප්ලේ එකක්, දැනට වෙළඳපොල තුල පවතින Display එක විශාලත්වයෙන් වැඩි ස්මාර්ට් ෆෝන් පන්තියට ඇපල් ෆෝන් එකකුත් එකතු වෙනවා.
iPhone XS සහ XS Max ෆෝන් දෙකෙහි ඉදිරිපස ඇති කැමරා දෙකක් ඇතුලත් බැවින් Selfie, Face ID, Animoji සහ Memoji සඳහා මේ megapixel 7ක camera module එකක් බාවිතා වෙනවා.
තවද ඇපල් සමාගම මගින් මෙම ස්මාර්ට් ෆෝන් 3හි මාර්ගෝපදේශ
වීඩියෝවක් නිකුත්කර තිබෙනවා. එය බලන්න පහතින්.
මෙම ස්මාර්ට්ෆෝන් 3 මිල ගණන් සහ ඇතුලත් performance වෙන් වෙන්ව දැනගන්න අවශ්‍යනම් පහත වගුව බලන්න.
iPhone XS සහ iPhone XS Max මාදිලි දෙකෙහි display එක සහ ප්‍රමාණය හැරුණු විට spec එකෙහි කිසිඳු වෙනසක් දකින්නට නොලැබෙන බව කිවයුතුයි. දැනට නිකුත් වී ඇති ඇපල් ෆෝන් සඳහා බාවිතාකල හැක්කේ එක් සිම් පතක් වුවත් මෙම Device 3න සඳහා eSIM තාක්ෂණය හදුන්වාදී ඇත. අපට කැමති සන්නිවේදන සේවා සපයන ආයතනයකට පිවිස eSIM එකට සේවා සහය ලබාගන්න පුළුවන්. එයට අමතරව සුපුරුදු Nano SIM එකක් මෙයට දාන්න පුළුවන්. ( අපට හුරුපුරුදු ඩුවල් සිම් නොවේ.)
අයිෆොන් X එකට වඩා 15%ක වේගයක් ලබාදෙන A12 Bionic processor එකDevice 3 සඳහා ඇතුලත් කරලා තිබෙනවා. මෙහි අන්තර්ගත වන GPU එක හරහා පැරණි මාදිලියට වඩා 50% ක වේගයක් ලබා ගත හැකි වෙනවා. මීට අමතරව cores 8 කින් බලය ලබන, තත්පරයක් ඇතුලතදී AI task ට්‍රිලියන 5ක් හැසිරවිය හැකි Neural Engine එකකින්ද මෙහි සමන්විතයි.
මීට අමතරව wireless Charging ෆෝන් 3ම සහාය දක්වනවා.විශේෂ කාර්ණයක් ලෙස Stereo Sound Record කිරීමට සෑම ස්මාර්ට් ෆෝන් එකකටම Microphone 4බැගින් ඇතුලත්කර තිබෙනවා. සුපුරුදු පරිදි 3.5mm Headphone jack එකක් දක්නට ලැබෙන්නේ නෑ.
ප්‍රමාණයෙන් විශාල මාදිලිය වන iPhone XS Max එක සාමාන්‍යය මාදිලියට වඩා ඇමෙරිකානු ඩොලර් 100 කින් වැඩි වෙන අතර iPhone XS (64GB) මාදිලිය 999 USD ලෙසත් iPhone XS Max (64GB) - 1,099 USD ලෙසත් මිලගණන් ඇපල් වෙබ් අඩවිය තුල දක්වා තිබෙනවා. ඔබට ඇපල් නිල වෙබ් අඩවියෙන් Pre-Orderකිරීමටද හැකියාව පවතිනවා.
Page Views